බ්ලොගය ගැන

Information Overload Syndrome - එහෙමත් නැත්නම් විස්තර/දත්ත වලින් පිරීගොස් ව්‍යාකූලත්වයට පත්වීම 21 වන ශතවර්ෂයේ  තුන්වන දශකයේ ඉන්න මිනිසුන් බොහොමයකට ඇති ප්‍රශ්නයක් වගේම මානසික ආතතියක්/ අවපීඩනයක් ඇති කරන සාධකයක්. මේක ව්‍යසන කාලයකදී වැඩි වුනත්, සාමාන්‍ය කාල වලදීත් අඩු වැඩි වශයෙන් තියෙන දෙයක්. මීට අමතරව හිතාමතා හදන ව්‍යාජ තොරතුරු/ප්‍රවෘත්ති (fake news) වගේම වැරදි තොරතුරුත් මේකට එකතු වුනහම මේවා පරිහරණය කරන ඔබ වගේම මමත් වඩ වඩාත් ව්‍යාකූලත්වයට පත්වීම වික්ෂ්ප්තවීම වලක්වන්න අමාරුයි.

ඉතින්  මමත් මගේ මිතුරන් කිහිපදෙනෙකුත් මේකෙන් මිදෙන්න වගේම වඩා වැදගත් ප්‍රවෘත්ති දැනුමෙන් පොහොසත් ලිපි වගේම නිරවද්‍යතාවය තහවුරු කරගත් ප්‍රවෘත්ති තෝරා බේරා දෙන්න හිතුවා.

මේක වෙන්නේ මෙහෙමයි. අපි මිතුරන් කිහිප දෙනෙක් ටික කාලෙක ඉඳන් - ටිකක් කිව්වට අවුරුදු 4 කට වැඩි කාලයක් ඉඳන් තියාගෙන ඉන්න Whatsapp හවුලක සාමාන්‍ය තොරතුරු කතා කරන අතරේ, අපි කරන වැඩක් තමයි කවුරු හරි ඒ සමූහයට දාන ප්‍රවෘත්තියක් (news link) හරි දැනුමක් (information/knowledge) හරිද කියල තහවුරු කරගන්න උත්සාහ කරනවා (Fact Checking). අපි මේ ගැනබොහෝ වෙලාවට වාද කරනවා - හැබැයි සුහදව - විෂයානුබද්ධව (objectively) සහ දත්ත අදාළත්වය ඇසුරෙන් (factually). මේ කීපදෙනා අතරේ විවිධාකාරයේ මූලාශ්‍ර, වෙබ් අඩවි භාවිතා කරන වගේම විවිධත්වයෙන් යුත් මතවාදයෙන් සහ විවිධ විෂය ක්ෂේත්‍ර වල මිතුරන් (දත්ත විශ්ලේෂකයින් (analysts), critical thinkers (මේකට නම් සිංහල වචනයක් හොයාගන්න බැරි වුණා) වගේම ඉංජිනේරුවන්) කිහිපදෙනෙක් සිටින නිසා, කාලයක් තිස්සේ මම වගේම මෙහි සිටින මිතුරන් කිහිපදෙනා නිරීක්ෂණය කරපු දෙයක් තමා මේ සමූහයේ හරි එහෙමත් නැත්නම් වැදගත් කියලා එකඟ වෙන දේවල් - සාපේක්ෂව නිරවද්‍යතාවයෙන් වැඩි වගේම දැනුමෙන් පොහොසත් විස්තර/ප්‍රවෘත්ති බව. මේක අපි නිතරම කාලයක් තිස්සේ කරන නිසාත් ඒ වගේම එකිනෙකාගේ උපක්‍රම (fact checking techniques) අනෙක් අයත් උකහාගෙන, වඩා හොඳ ක්‍රම වේද භාවිතා කරමින්, වාද කරමින් තෙම්පරාදු වෙමින් කල දෙයක් නිසා මෙතන පෙරිලා බේරිලා එන ප්‍රවෘත්ති (news) සහ දැනුම (information/knowledge) අනෙක් අයත් සමගත් බෙදා හදාගන්න තීරණය කලා.

ඉතින් අපි ඉහත ක්‍රමවේදයට අනුව තෝරාගත් දැනුම සහ ප්‍රවෘත්ති මෙන්න මේ බ්ලොග් අඩවියේ දානවා. කැමති අයට පුළුවන් ඒවා  කියවන්න ඒ වගේම ඒවා ගැන අපිත් සමග සංවාද කරන්න (අර උඩ කියපු මූලික රීති වලට අනුගත වෙලා).

https://whatweshouldread.blogspot.com/

කොහොම වුනත් මේ ලෝකේ අනික් දේවල් වගේම මේ උත්සාහයත් පරිපූර්ණ දෙයක් නෙවෙයි. හැමදාමත් අලුත්වන වගේම හැමදාම වැඩි දියුණු කරගෙන යන දෙයක්. ඉතින් පාඨක ඔබේ අදහසුත් ප්‍රතිචාරත් දැනුමත් අපි බොහොම සාදරයෙන් පිලිගන්නවා මෙහි ඇති නිරවද්‍යතාවය වැඩි කරගැනීමට වගේම මෙහි බෙදා හදාගන්නා දැනුම හරවත් කරගැනීමට.

ප.ලි - කිසිදු දේශපාලන කරුණක් හෝ යම් දේශපාලන පක්ෂයක්/පුද්ගලයෙක් විවේචනය කිරීම හෝ ප්‍රශංසා කිරීම අප නොකරන අතර සංවාදයට එක් වන්නේ නම් ඔබත් එම මූලික රීතියට අනුගත වී සංවාද කරන මෙන් අප කරුණාවෙන් ඉල්ලා සිටිනවා

Comments

Popular posts from this blog

Tips for Working From Home

Tips for Staying Positive Online During the Coronavirus Crisis

GMOA එක ලංකාවේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් කල අනාවැකිය නිවැරදිද?