GMOA එක ලංකාවේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් කල අනාවැකිය නිවැරදිද?



GMOA (රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) විසින් 2020 මාර්තු 19 වන දින ඔවුන්ගේ නිල ෆේස් බූක් පිටුවේ පලකරන ලද නිවේදනයට අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීමේ වේගය ඉතාලියට වඩා ඉහල අගයක් ගන්නා බවත්, වඩාත් දැඩි ක්‍රියාමාර්ග නොගතහොත් ඉහලම රෝගීන් සංඛ්‍යාවක් සිංහල හින්දු අලුත් අවුරුද්ද සමය වන විට වාර්තා වනු ඇති බවත් වාර්තා කරන ලදී. 

GMOA නිල ෆේස්බුක් පිටුවේ නිවේදනය (මාර්තු 19)

මෙම පුරෝකථනය පිලිබදව විශ්ලේෂණාත්මකව (analytically) විග්‍රහ කර බැලීමත්, ලබාගත හැකි දත්ත අනුසාරයෙන් මෙම පුරෝකථනය පිළිගත හැකි මට්ටමේ එකක් දැයි විග්‍රහ කිරීමත් මෙම ලිපියේ අරමුණය. 



ඉහත පුරෝකථනය (prediction) කිරීමේදී GMOA එක මගින් ප්‍රාථමික දෝෂයක් සිදු කොට ඇත.

එනම්  රට ඇතුලෙහි පැතිරුණු සංඛ්‍යාව (local cases) සහ ආනයනික රෝගීන් (imported cases) යන දත්ත දෙක ඉතාලිය සහ ලංකාවෙහි පටලවා ගැනීමය.

මෙම වැරැද්ද නිවැරදි කොට, FactCheck  මගින් මාර්තු 31 වන තෙක් රටවල් දෙකෙහි (ඉතාලිය සහ ශ්‍රී ලංකාව) රෝගීන් පැතිරීම දක්වන පහත ප්‍රස්ථාරය පල කරන ලදී.

නිවැරදි කරන ලද ප්‍රස්ථාරය (මාර්තු 31 දක්වා) - රෝගීන් වර්ධනය 


ඉහත ප්‍රස්ථාරයට අනුව පළමු දවස් 21 තුලම ශ්‍රී ලංකාවේ රෝගීන් පැතිරීම, ඉතාලියට වඩා යහපත් බව පෙනී යයි. 


නමුත් මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ ඉහත දත්ත වල දැක්වෙන්නේ ප්‍රත්‍යක්ෂ කරගත් (detected, tested  & verified) රෝගීන් ගණනය. සැබෑ රෝගීන් ගණන මීට වඩා වැඩි විය හැකි බවය. 

ලංකාවෙහි තත්වය ඉතාලියට වඩා  හොඳ වුවත් සෑම රටකට වඩා යහපත් තත්වයක නැත. පහත ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ ලංකාව අනෙකුත් රටවල් වලට සාපේක්ෂව රෝගීන් පැතිරීමේ සීග්‍රතාවයයි.

ලංකාවේ කොරෝනා රෝගීන් පැතිරීම අනෙක් රටවල් වලට සාපේක්ෂව 


දැන් අප GMOA මගින් පවසන ලද දෙවැනි කාරණය වෙත යොමුවෙමු. 



"සිංහල අවුරුදු උත්සව සාමය වන විට ශ්‍රී ලංකාවේ රෝගීන් ගණන උපරිමයට පැමිණෙන බව - GMOA ".


ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත සහ පුරෝකථන ක්‍රමවේදයන් (prediction simulations ) ආශ්‍රයෙන් විවිධ පැතිරීම් සීග්‍රතා (විවිධ r  අගයන්  : r - රෝගය තවත් පුද්ගලයන්ට සම්ප්‍රේෂණය කිරීමේ අගය (Basic Reproduction Number) ) සදහා පුරෝකථන (prediction) දක්වා ඇත.

විවිධ r අගයන් අනුව ශ්‍රී ලංකාවේ රෝගය පැතිරීම පුරෝකථනය 


මොකක්ද මේ "r" අගය?

සරලව පැවසුවහොත් වසංගත රෝග විද්‍යාවේ "r " අගය ලෙස පවසන්නේ එක්  රෝගියෙකු වෛරසය ශරීරයේ සක්‍රියව පවතින කාලය තුල තවත් රෝගීන් කී දෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය කරන්නේද යන්නයි.

උ. දා  - "r" අගය 2 නම් එක් රෝගියෙකු දල වශයෙන් සුව වීමට ප්‍රථම  තවත් පුද්ගලයින් දෙදෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය කරයි (ඉකොනොමැට්ටා විසින් මෙම r අගය ගැන වඩා විස්තරාත්මක විස්තරයක් ඔහුගේ බ්ලොග් එකේ දමා ඇත - එයට දිගුව ඇමෙරිකාවේ කොරෝනා )

ඉහත ප්‍රස්ථාරයේ දැක්වෙන තොරතුරු තව දුරටත් පැහැදිලි කළහොත්, කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන වෛරසය ස්වභාවික ලෙස පැතිරීමට ඉඩ දුනහොත් (r = 3.5 තත්වය) රෝගීන් සංඛ්‍යාව උපරිමයකට පත් වන්නේ ජුනි මාසයේදීය. (නමුත් මෙහිදී ලංකාවේ ඇති සෞඛ්‍ය පහසුකම් මද කමින් රෝගීන් විශාල සංඛ්‍යාවක් මරණයට පත් වේ).

ඉතාමත් දැඩි පාලන තත්ත්ව මගින් (r =1.5 තත්වය (r =1.5 scenario )) ඇතුලෙදි රෝගීන් සංඛ්‍යාව උපරිමයකට පත්වන්නේ මෙම වර්ෂයේ දෙසැම්බර්  මාසයේ මුලදීය. රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවීම නොවැම්බර් මැදදී සිදුවන අතර, රෝගය වසංගත ස්වභාවයෙන් මිදී සම්පූර්ණයෙන් රට තුලින් පහව යෑමට දවස් 257 එනම් මාස 8.5 ගත වේ.  

සලකා බලන සියලුම පුරෝකථන තත්ත්ව (prediction scenario) වලදී පෙනී යන්නේ GMOA මගින් පවසන ලද අප්‍රේල් අලුත් අවුරුදු සමයේ රෝගීන් ගණන උපරිමයක් වීම යන අනාවැකිය ද සාවද්‍ය බවයි. 

රෝගීන් මිලියන 1.5 අසාධනය වීම බිය වීමට කාරණයක් නොවිය යුත්තේ, මෙම රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයකට රෝහල් ගතවීමට අවශ්‍යතාවයක් නොමැති වන අතර, දැඩි සත්කාර ඒකක වලට දැමීමට සිදුවන රෝගීන් ගණන ඉතාමත් අඩු ප්‍රතිශතයක් බැවිනි. 


සැ යු - ඉහත පුරෝකථන කිරීම් කොට ඇත්තේ ලබාගත හැකි දත්ත වලින් සහ නොදන්නා දත්ත/සාධක  (unknown factors) රාශියක් රැගෙන කරන ලද ගණිතමය මොඩල් අනුසාරයෙනි. නොදන්නා සාධක වල විචල්‍ය වීම් අනුව පුරෝකථනය (අනාවැකිය) වෙනස්වීමට සම්භාවිතාවක් ඇත.  



මූලාශ්‍රය:
Verite Research ආයතනයට අනුබද්ධ Fact Check වෙබ් අඩවියේ පල කරන ලද විශ්ලේෂණාත්මක ලිපියේ සිංහල අනුවාදයකි. 

සම්පූර්ණ ලිපියට දිගුව - http://factcheck.lk/claim/government%20medical%20officers%E2%80%99%20association



Comments

Popular posts from this blog

Tips for Working From Home

Tips for Staying Positive Online During the Coronavirus Crisis