ගෙදර ඉඳං වැඩ කරමු - නිවසේ සිට වැඩ කිරීම සඳහා උපදෙස්

කොරෝනා නිසා හැමෝගෙම ගමන් සීමා කරන්න වෙලා. මේ තත්වය තව මාසයක් වත් අපට බලාපොරොත්තු වෙන්න වෙනවා, අවම වශයෙන්. නමුත් ඒමතින් අපේ වගකීම්, යුතුකම් ඉටුනොකර හිටියොත් ඇතිවෙන ප්‍රශ්න කොරෝනාට එහා වෙයි. මේක අපි අවස්තාවක් කරගත යුතුයි අපේ දයිනික ක්‍රියාපටිපාටි වෙනස්කරගන්න. මෙම ඉඟි ඔබට උපකාරී වනු ඇත:

  • සේව්‍ය සේවක විවෘත සාකච්චාවක් අවශ්‍යයි. වගකීම් සහ වාර්තා කිරීම් කෙසේ විය යුතුද යන්න. එමෙන්ම KPI නියම ලෙසින්ම ස්ථාපිත විය යුතුයි. එහෙම නොවුනත් දැන් තියන බොහෝ රැකියා වලට ඉන්න තැන වැදගත් නැහැ, ටාගට් එක විතරයි.
  • ඔබ ප්‍රධානියා හෝ මධ්‍ය කළමනාකරණයේ වුවත් වාර්තා කිරීම් සහ වාර්තා ලබාගැනීම් කියම කාල සටහනකට අනුව වියයුතුයි. දයිනික කාලසටහන නිතර යාවත්කාලීන විය යුතුයි.
  • ඔබේ සියලු ලිපි ලේඛන ක්ලවුඩ් ගබඩාවක (Google drive etc.) තියාගන්න. එතකොට අතේ තියන ඕනෑම ඩිවයිස් එකකින් ඔබේ වැඩ වලට යොමුවෙන්න පුළුවන්. හොඳ අන්තර්ජාල පහසුකම් සහ මාධ්‍ය (Skype , Chats , e Mail ආදිය ) තිබිය යුතුයි.
  • වෙනදා විදියටම දත් මැදීමේ ඉඳන් වෙලාවටම කරලා, ඇඳුම් පවා ඇඳගන්න මුලදී. මුලදී එහෙම වුනාට මේ ලේඛකයා නම් දැන් වැඩ වැඩිපුර සරමෙන්. ලංකාවේ ඇතැම් ව්‍යාපාර හිමිකරුවන් පවා එහෙමයි. ඇඳුමෙන් වුනත් සැහැල්ලු වෙන්න එපා මුලදී, කාන්තාවන් නම් බ්‍රා එකත් දාගන්න.
  • වැඩ කරන්න හිතෙන තැනක් හදාගන්න. කාමරයක් වෙන්කරගන්න පුලුවන්නම් වඩා හොඳයි. දොර වැහුවාම ගෙදර අය දන්නවා ඔබ වැඩ කියල, අනවශ්‍ය වද දෙන එකක් නැහැ. ලේඛකයාට නම් දැන් එහෙම අවශ්‍යම නැහැ.
  • ගෙදර ඉන්නවා කියල සැරින් සැරේට ඕනවට වැඩිය කන්න ලැස්ති වෙන්න එපා. මුල සතිය තුල කෑම පුරුදු හදාගන්න. ලන්ච් එකෙන් පස්සේ ඔෆිස් එකේදී අපි අයිස්ක්‍රීම් කන්නේ නැහැනේ. හැබැයි මම තේ නම් හතර පස් පාරක් විතර බොනවා.
  • කාලසටහන හදාගන්න. ඒවගේම තාක්ෂනය පාවිච්චිකරන්න කාලය කළමනාකරණයට. දුරකථන ඇමතුම් වලට පිලිතුරුදෙද්දී ආසනයෙන් නැගිටලා ඇවිදිමින් කතාකරන්න. මේක හොඳ ව්‍යයාමයකුත් වෙයි.
  • සමාජ මාධ්‍ය කාලය අනිවාර්යයෙන්ම සීමා කරන්න. හැබැයි ඇතැම් රැකියාවලට එය අත්‍යාවශ්‍යයි. එනම් ව්‍යාපාර පවා වෙන්නේ ඒ මත. ඇතැම් අයගේ අපොයින්මන්ට් පවා දැන් ෆේස්බුක් වල. එතකොට වයිෆයි ඕෆ් කරන එක නම් අමාරුවෙයි. නමුත් හිත වෙනපැති වල දුවන එක සහ බාධාවන් (Distraction ) නම් අවම කරගත යුතුයි.
  • ඉහත කිව්වේ ඔබට රාජකාරිමය වශයෙන් හැඩගැහෙන අයුරු. නමුත් අප එලියට ගිහින් කරගන්න තවත් බොහොමයක් වැඩ දැන් අන්තර්ජාලය හරහා කරගන්න පුළුවන්. වෛද්‍යවරයෙක් මුණගැසීම, බෙහෙත් ගැනීම, එදිනෙදා අහාරපාන, අවශ්‍ය දේවල ඉඳන් බෙහෙත් පවා ගෙදරට ගෙන්වාගැනීම. රජයේ ඇතැම් කටයුතු කරගැනීම. සියලුම බැංකු කටයුතු ආදිය.
සම්පූර්ණ ලිපිය: https://evrev.lk/2020/03/15/work-from-home/?fbclid=IwAR2tGPj431aAcYO4zoj1IeoHZGPeva07osVZopB3qDLYuVo2qPOqDHlt8Qg

Comments

Popular posts from this blog

Tips for Working From Home

Tips for Staying Positive Online During the Coronavirus Crisis

GMOA එක ලංකාවේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් කල අනාවැකිය නිවැරදිද?