කොරෝනා නිසා හැමෝගෙම ගමන් සීමා කරන්න වෙලා. මේ තත්වය තව මාසයක් වත් අපට බලාපොරොත්තු වෙන්න වෙනවා, අවම වශයෙන්. නමුත් ඒමතින් අපේ වගකීම්, යුතුකම් ඉටුනොකර හිටියොත් ඇතිවෙන ප්‍රශ්න කොරෝනාට එහා වෙයි. මේක අපි අවස්තාවක් කරගත යුතුයි අපේ දයිනික ක්‍රියාපටිපාටි වෙනස්කරගන්න. මෙම ඉඟි ඔබට උපකාරී වනු ඇත: සේව්‍ය සේවක විවෘත සාකච්චාවක් අවශ්‍යයි. වගකීම් සහ වාර්තා කිරීම් කෙසේ විය යුතුද යන්න. එමෙන්ම KPI නියම ලෙසින්ම ස්ථාපිත විය යුතුයි. එහෙම නොවුනත් දැන් තියන බොහෝ රැකියා වලට ඉන්න තැන වැදගත් නැහැ, ටාගට් එක විතරයි. ඔබ ප්‍රධානියා හෝ මධ්‍ය කළමනාකරණයේ වුවත් වාර්තා කිරීම් සහ වාර්තා ලබාගැනීම් කියම කාල සටහනකට අනුව වියයුතුයි. දයිනික කාලසටහන නිතර යාවත්කාලීන විය යුතුයි. ඔබේ සියලු ලිපි ලේඛන ක්ලවුඩ් ගබඩාවක (Google drive etc.) තියාගන්න. එතකොට අතේ තියන ඕනෑම ඩිවයිස් එකකින් ඔබේ වැඩ වලට යොමුවෙන්න පුළුවන්. හොඳ අන්තර්ජාල පහසුකම් සහ මාධ්‍ය (Skype , Chats , e Mail ආදිය ) තිබිය යුතුයි. වෙනදා විදියටම දත් මැදීමේ ඉඳන් වෙලාවටම කරලා, ඇඳුම් පවා ඇඳගන්න මුලදී. මුලදී එහෙම වුනාට මේ ලේඛකයා නම් දැන් වැඩ වැඩිපුර සරමෙන්. ලංකාවේ ඇතැම...
Comments
Post a Comment